අර්ශස්

                                                    අර්ශස්

  අර්ශස් කියන්නේ ආයුර්වේදයේ එන ප්‍රසිද්ධ රෝග අටෙන් එකක්.ඒ වගේම අපි කවුරුත් දන්න විදියට සමාජයේ බහුල රෝග වලින් එකක්.අර්ශස් ගැන ආයුර්වේද පොත් වල කියල තියෙන්නෙ මෙහෙමයි.

                            අරිවත් ශෘණාති හිoසති ඉති අර්ශ;
                                               සතුරකු මෙන් හිසනය සිදු කරන හෙයින් අර්ශස් නමි

                                     
                                               අරිවත් ප්‍රාණාන් ශෘණාති හීනස්ති ඉති අර්ශ;
                                සතුරකු මෙන් පණපෙලා ලන හෙයින් අර්ශස් නමි

මේ අනුව අර්ශස් සතුරකුට සමාන කරල තියෙනවා.එයට හේතු වෙන්නේ අර්ශස තරම් නිතර තදබල පීඩාවක් ගෙන දෙන නොයෙකුත් බියකරු ලෙඩ වලට හේතුවෙන සුවපත් කිරීමට අපහසු වෙනත් රෝගයක් නැති තරම් වීමයි.
  ගුද නාලිකාවත් මූත්‍රධාරා ආදියත් පිහිටල තියෙන්නේ මූලාධාර කියන පේශිය මතයි.වර්තමානයේ කාර්‍ය බහුල වූ ජීවන රටාව තුල බොහෝ දෙනා දවසේ වැඩි වේලාවක් අසුන්ගතව ඉඳීමේදී ඉහලින් තියෙන අවයව වල බර දරාගෙන සිටීමට වෙන්නේ ඉහත කියපු මූලාධාර පේශියටයි.එතකොට මේ පේශිය ඇසුරු කර ගුද මාර්ග බිත්ති වල ගමන් කරන සිරා පිම්ඹෙනවා.මේ හින්දා මේ රෝගය එක් ආකාරයකින් ගුරුත්වාකර්ශණය හා සම්බන්ධ රෝගයක් කියල හැඳින්නුවත් වරදක් නෑ.ඒ වගේම වෙනත් හේතූන් හින්දත් මේ රෝගය ඇතිවන අතර ආයුර්වේදයේ කියවෙන සප්ත ධාතූන්ගෙන් පලමු ධාතු හතර දූෂණය වෙනවා.සස්කෘත භාෂාවෙන් ගෞද , ගුදජ , ගුදෝත්ථ , ගුදාoකුර , මාoශාoකුර , මාoශප්‍රරෝහ , මූල ව්‍යාධි ,දුර්නාම කියන නම් වලින් හඳුන්වන්නෙත් මේ රෝගයමයි.අර්ශස් ගාය , මූලග්ගාය කියල සිoහලෙන් කියන්නෙත් මේකටමයි. 



   ගුද ද්වාරයේ සිට අඟල් 4 1/2 ක් පමණ වූ ප්‍රදේශයේ ගුද වලි 3ක් තියෙනවා.ප්‍රවාහිණී , විසර්ජනී , සoවරණී කියන්නේ මේවාට.සියළුම අර්ශස් මේ වලි තුනේ හටගන්නවා.අභ්‍යන්තර අර්ශස් ප්‍රවාහිණී සහ විසර්ජනී කියන වලි දෙකෙත් භාහිර අර්ශස් සoවරණියෙත් ඇති වෙනවා. 

   ශරීරයේ වෙනත් තැන් වලත් අර්ශස් හටගන්නා බව සමහරුන්ගේ මතයයි.ඒ මතයට අනුව යෝනිය , ලිඟුව , ගෙල , තල්ල , මුඛය ,නාසය , කන් , ඇස්පිහාටු , සිවිය යන තැන් වලයි.නමුත් මේ තැන් වල ඇතිවෙන මාoශ වෘධිය (මස් දළු ) අධි මාoශ නමින් මිස අර්ශස් නමින් හැඳින්වීම සුදුසු නෑ.
       චරකාචාර්‍ය තුමන්ගේ මතයට අනුව නිජ හා සහජ ලෙස අර්ශස් ප්‍රධාන කොටස් දෙකයි.සහජ අර්ශස ඇතිවෙන්නේ උත්පත්තියෙන්මයි.මව්පියන්ගේ විධිමත් නොවූ ආහාර නිසාත් පෙර කරන ලද කර්ම නිසාත් ඇතිවෙන්න පුලුවන්.නිජ අර්ශස වාතාදී දෝෂ කෝපයන්ට හේතුවෙන දේ තුලින් හට ගන්න පුළුවන්.වාත,පිත්ත,කඵ ත්වක්,මාoස,මේද යන මේවා දූෂණය වෙලා ගුද මාර්ගයේ අoකුර පහළ වේ.මේවා අර්ශස් නම් වේ.
අර්ශස් වර්ග 6 ක් ආයුර්වේදයේ දැක්වෙනවා
1.වාතික අර්ශස්
2.පෛත්තික අර්ශස්
3.ශ්ලේෂ්මික අර්ශස්
4.සහජ අර්ශස්
5.සන්නිපාතික අර්ශස්
6.රක්තජ අර්ශස්
වශයෙනි.

 අර්ශස් රෝග ලක්ෂණ ගැන එහෙම ඉදිරි ලිපියකින් හමුවෙනතුරු මම නවතිනවා.

ලියන්නේ - වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර

1 comments:

නයි ගල හෙවත් නාගරාජ ගුලිය

 

නයි ගල හෙවත් නාගරාජ ගුලිය

 

මෙම වට්ටෝරුව 1898 දී පමණ ඒබ්‍රහම් අප්පුහාමි වෙද මහතාගේ අතින් ලියූ පුස්කොල පොතෙහි සඳහන් නයි ගල හෙවත් නාගරාජ ගුලිය වේ.

1. පාසානම් පස් වග යම            ගන්නේ
    පුස්කර නෙරිවිස රසකිඳ         ගන්නේ
   කිරි ගරුඬා ගල් කුඩු කර         ගන්නේ
   තිත්ත  ලබුද වැට කොළු ඇට   ගන්නේ
 

 

2.දෙදුරුද කුළුපස ගන්දක     ගන්නේ
  සම සමයේ ඔසු හැම කිර    මින්නේ
  දෙහි ඉස්මෙන් මුල් දින අඹ  රන්නේ
  දෙවැනි දිනේ නම් බුලත් යු   සින්නේ
 

 

3.තෙවැනිව මී පැණියෙන් අඹ්  රන්නේ
   එපනම් පෙතිසේ ගුලි කර අර ගන්නේ
   පවනේ වේලා අරන් ති          යන්නේ
   කොයි සපුවා කෑවත් මෙය     ගන්නේ
 

 

4.අල්ලනු කෑමු කයට දැන      ගන්නේ
  අල්ලා නොවැටී තිබේ       කියන්නේ
  තුන් පැය ගිය තැන උරා  වැටෙන්නේ
  සියලුම සප් විස දාලා            යන්නේ
 

 

5.අත තිබුනොත් සපුවා නොමැ     කන්නේ
  ගෙයි තිබුනද ගෙට නේති කි        යන්නේ
  මහ රුසියන් බස බොරු නොමැ  වන්නේ
  නාගරාජ ගුලි බල මෙලෙ            සින්නේ

                                      නිර්මාණය;- වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර


2 comments:

ආයුර්වේදයෙහි සඳහන් සන්යුක්ත ද්‍රව්‍ය

                                  ආයුර්වේදයෙහි සඳහන් ස0යුක්ත ද්‍රව්‍ය
       

ත්‍රිපලා - අරළු , බුළු , නෙල්ලි
ත්‍රිමද  - වලඟසහල් ,රත්නෙටුල් , කලාඳුරු අල
ත්‍රිකටු  - ඉඟුරු , ගම්මිරිස් , තිප්පිලි

ත්‍රිකාර්ෂික - වියළි ඉඟුරු , අතිවිඩයම් , කළාඳුරු අල
ත්‍රිවර්ග - කරාඹු නැටි , වසාවාසි , සාදික්කා
ත්‍රිජාත - කුරුඳු පොතු , එනසාල් , කොල්ලන් කොල




ත්‍රිමධුර - එලඟිතෙල් , උක් හකුරු , මී පැණි
චතුස්සම - අරළු, සවිඳ ලුණු, කරාඹු, අසමෝදගම්
චතුර්භද්‍ර - වියළි ඉඟුරු, අතිවිඩයම්, කළාඳුරු අල, රසකිඳ
චතුරාම්ල - වෘක්ෂාම්ල, මාතුලුන්ගාම්ල, බදර, අම්ලවේතස
චතුරූෂණ - ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, තිප්පිලි මුල්
චතුර්බීජ - උළුහාල්, චන්ද්‍රශූර, කලුදුරු, අසමෝදගම් 

ප0ච පල්ලව - අඹ, මාදන්, දිවුල්, ලප් නාර0, බෙලි
ප0ච සුගන්ධී - කපුරු, ක0කෝල, කරාබු නැටි, පුවක්, සාදික්කා
ප0ච කෝල  - තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය, රත් නෙටුල්, වියළි ඉඟුරු
වෘහත් පස් මුල - බෙලි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්,පලොල් මුල්, හීන් මිදි මුල්
ලඝු පස් මුල - පොල් පලා, අස්වැන්න, එළබටු මුල්, කටුවැල් බටු, ගොකටු
ප0ච බීජ - අබ, වල් අසමෝදගම්, සූදුරු, සුදු කසකසා, අසමෝදගම්

 ප0ච පිත්ත - ඌරු, එළු, මී හරක්, රෝහිත මත්ස්‍ය, මොනර
ප0චාම්ල - සියඹලා, ලප් නාර0, මසන්, අම්ල වේතස, දෙළුම්
ප0ච ගව්‍ය - ගව ක්ෂීර, දධි, ඝෘත, ගෝ මූත්‍ර, ගොම
ප0චා මෘත - ගෝදුග්ධ, ගෝදධි, ගෝඝෘත, මධු,ශර්කරා
ප0ච වල්කල - නුග, දිඹුල්, ඇසතු, පුලිල, ප්ලක්ෂ



                                     ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර
 

0 comments:

Ayurvedic Medicine for Weight Gain:

                 Ayurvedic Medicine for Weight Gain 


     You can trust on Ayurveda for several reasons. Primarily, ayurvedic doses are mild. Secondly, most of the ayurvedic medicines do not have side effects. Finally, ayurvedic medicines are inexpensive and easily available everywhere. Ayurveda is completely safe because all medicines are derived from nature and do not mostly include harmful chemicals. Here are some well-known ayurvedic medicines, which help to induce bodyweight.

 

1. Chyavanprash:

  Chyavanprash is the most popular and well-known tonic for weight gain. It is a fine combination of various nutritious herbs of nature, which help strengthening the bones and muscles of the body. These ingredients help to improve immunity system to great extent and it is possible to raise weight with regular intake of Chyavanprash. This tonic is suitable for people of all age and sex. Consuming two spoons of Chyavanprash ensures better blood circulation and helps to revitalize the worn-out vital elements inside the body. Chyavanprash makes the digestion process fast and therefore makes you feel hungry sooner. Available at all major stores, Chyavanprash happens to be a sure shot medicine for weight gain. 

2. Vasant Kusumakar Ras:

 Vasant Kusumakar Ras is a popular ayurvedic medicine available in powder or tablet form. This is a prescription drug and one should therefore intake the same only under medical guidance. Vasant Kusumakar Ras is considered as an excellent rejuvenator for the nerves and blood vessels.  It also helps increasing memory, skin complexion, immunity and body weight. An ideal dosage of Vasant Kusumakar Ras is 125-250 mg once in early morning, in empty or full stomach. Traditionally, the medicine is administered together with sugar, ghee, or honey. Some of the popular manufacturers of Vasant Kusumakar Ras are Baidyanath, Dabur and Shree Dhootapapeswar Ltd. 

 

3. Ashwagandha Churna: 


  This is a well-known herb having miraculous effects on weight gain. The churna is used in several medical preparations for its rich nutritional benefits. For its multifaceted benefits, the herb is also known as ‘Indian Ginseng’. When consumed with a high calorie diet, ashwagandha churna must help in gaining body weight. Ideal dose of this herb is 100 mg a day. Ayurveda centre is one popular place where all popular ayurvedic medicines including ashwagandha churna are available. 

4. Saatavari: 


Popularly known to be helpful for pregnant women and lactating mothers, saatavari is also helpful for increasing body weight. This herb is an excellent hydrator that helps to maintain the fluid balance inside the body. In addition, saatavari also improved digestion system to a significant extent. Himalaya herbals are leading manufacturers of saatavari in India. 


5. Annonna Squamosa: 


A  Annonna Squamosa is the scientific name of custard apple, which is considered as the best fruit for increasing body weight. The fruit promotes body weight successfully by counteracting anorexia and strengthening the body muscles effectively. A custard apple a day is sufficient for achieving the desired goal. 

6. Yashtimadhu: 


Yashtimadhu is an effective remedy for people with very weak immunity system. A person with weak immunity can never be able to increase bodyweight. Yashtimadhu provides people with the strength and stamina for the said purpose. 


Do share your feedback with us.  

                                     created by Sandaruwan Ravihara



0 comments: