අර්ශස්

                                                    අර්ශස්

  අර්ශස් කියන්නේ ආයුර්වේදයේ එන ප්‍රසිද්ධ රෝග අටෙන් එකක්.ඒ වගේම අපි කවුරුත් දන්න විදියට සමාජයේ බහුල රෝග වලින් එකක්.අර්ශස් ගැන ආයුර්වේද පොත් වල කියල තියෙන්නෙ මෙහෙමයි.

                            අරිවත් ශෘණාති හිoසති ඉති අර්ශ;
                                               සතුරකු මෙන් හිසනය සිදු කරන හෙයින් අර්ශස් නමි

                                     
                                               අරිවත් ප්‍රාණාන් ශෘණාති හීනස්ති ඉති අර්ශ;
                                සතුරකු මෙන් පණපෙලා ලන හෙයින් අර්ශස් නමි

මේ අනුව අර්ශස් සතුරකුට සමාන කරල තියෙනවා.එයට හේතු වෙන්නේ අර්ශස තරම් නිතර තදබල පීඩාවක් ගෙන දෙන නොයෙකුත් බියකරු ලෙඩ වලට හේතුවෙන සුවපත් කිරීමට අපහසු වෙනත් රෝගයක් නැති තරම් වීමයි.
  ගුද නාලිකාවත් මූත්‍රධාරා ආදියත් පිහිටල තියෙන්නේ මූලාධාර කියන පේශිය මතයි.වර්තමානයේ කාර්‍ය බහුල වූ ජීවන රටාව තුල බොහෝ දෙනා දවසේ වැඩි වේලාවක් අසුන්ගතව ඉඳීමේදී ඉහලින් තියෙන අවයව වල බර දරාගෙන සිටීමට වෙන්නේ ඉහත කියපු මූලාධාර පේශියටයි.එතකොට මේ පේශිය ඇසුරු කර ගුද මාර්ග බිත්ති වල ගමන් කරන සිරා පිම්ඹෙනවා.මේ හින්දා මේ රෝගය එක් ආකාරයකින් ගුරුත්වාකර්ශණය හා සම්බන්ධ රෝගයක් කියල හැඳින්නුවත් වරදක් නෑ.ඒ වගේම වෙනත් හේතූන් හින්දත් මේ රෝගය ඇතිවන අතර ආයුර්වේදයේ කියවෙන සප්ත ධාතූන්ගෙන් පලමු ධාතු හතර දූෂණය වෙනවා.සස්කෘත භාෂාවෙන් ගෞද , ගුදජ , ගුදෝත්ථ , ගුදාoකුර , මාoශාoකුර , මාoශප්‍රරෝහ , මූල ව්‍යාධි ,දුර්නාම කියන නම් වලින් හඳුන්වන්නෙත් මේ රෝගයමයි.අර්ශස් ගාය , මූලග්ගාය කියල සිoහලෙන් කියන්නෙත් මේකටමයි. 



   ගුද ද්වාරයේ සිට අඟල් 4 1/2 ක් පමණ වූ ප්‍රදේශයේ ගුද වලි 3ක් තියෙනවා.ප්‍රවාහිණී , විසර්ජනී , සoවරණී කියන්නේ මේවාට.සියළුම අර්ශස් මේ වලි තුනේ හටගන්නවා.අභ්‍යන්තර අර්ශස් ප්‍රවාහිණී සහ විසර්ජනී කියන වලි දෙකෙත් භාහිර අර්ශස් සoවරණියෙත් ඇති වෙනවා. 

   ශරීරයේ වෙනත් තැන් වලත් අර්ශස් හටගන්නා බව සමහරුන්ගේ මතයයි.ඒ මතයට අනුව යෝනිය , ලිඟුව , ගෙල , තල්ල , මුඛය ,නාසය , කන් , ඇස්පිහාටු , සිවිය යන තැන් වලයි.නමුත් මේ තැන් වල ඇතිවෙන මාoශ වෘධිය (මස් දළු ) අධි මාoශ නමින් මිස අර්ශස් නමින් හැඳින්වීම සුදුසු නෑ.
       චරකාචාර්‍ය තුමන්ගේ මතයට අනුව නිජ හා සහජ ලෙස අර්ශස් ප්‍රධාන කොටස් දෙකයි.සහජ අර්ශස ඇතිවෙන්නේ උත්පත්තියෙන්මයි.මව්පියන්ගේ විධිමත් නොවූ ආහාර නිසාත් පෙර කරන ලද කර්ම නිසාත් ඇතිවෙන්න පුලුවන්.නිජ අර්ශස වාතාදී දෝෂ කෝපයන්ට හේතුවෙන දේ තුලින් හට ගන්න පුළුවන්.වාත,පිත්ත,කඵ ත්වක්,මාoස,මේද යන මේවා දූෂණය වෙලා ගුද මාර්ගයේ අoකුර පහළ වේ.මේවා අර්ශස් නම් වේ.
අර්ශස් වර්ග 6 ක් ආයුර්වේදයේ දැක්වෙනවා
1.වාතික අර්ශස්
2.පෛත්තික අර්ශස්
3.ශ්ලේෂ්මික අර්ශස්
4.සහජ අර්ශස්
5.සන්නිපාතික අර්ශස්
6.රක්තජ අර්ශස්
වශයෙනි.

 අර්ශස් රෝග ලක්ෂණ ගැන එහෙම ඉදිරි ලිපියකින් හමුවෙනතුරු මම නවතිනවා.

ලියන්නේ - වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර

1 comment: