නයි ගල හෙවත් නාගරාජ ගුලිය

 

නයි ගල හෙවත් නාගරාජ ගුලිය

 

මෙම වට්ටෝරුව 1898 දී පමණ ඒබ්‍රහම් අප්පුහාමි වෙද මහතාගේ අතින් ලියූ පුස්කොල පොතෙහි සඳහන් නයි ගල හෙවත් නාගරාජ ගුලිය වේ.

1. පාසානම් පස් වග යම            ගන්නේ
    පුස්කර නෙරිවිස රසකිඳ         ගන්නේ
   කිරි ගරුඬා ගල් කුඩු කර         ගන්නේ
   තිත්ත  ලබුද වැට කොළු ඇට   ගන්නේ
 

 

2.දෙදුරුද කුළුපස ගන්දක     ගන්නේ
  සම සමයේ ඔසු හැම කිර    මින්නේ
  දෙහි ඉස්මෙන් මුල් දින අඹ  රන්නේ
  දෙවැනි දිනේ නම් බුලත් යු   සින්නේ
 

 

3.තෙවැනිව මී පැණියෙන් අඹ්  රන්නේ
   එපනම් පෙතිසේ ගුලි කර අර ගන්නේ
   පවනේ වේලා අරන් ති          යන්නේ
   කොයි සපුවා කෑවත් මෙය     ගන්නේ
 

 

4.අල්ලනු කෑමු කයට දැන      ගන්නේ
  අල්ලා නොවැටී තිබේ       කියන්නේ
  තුන් පැය ගිය තැන උරා  වැටෙන්නේ
  සියලුම සප් විස දාලා            යන්නේ
 

 

5.අත තිබුනොත් සපුවා නොමැ     කන්නේ
  ගෙයි තිබුනද ගෙට නේති කි        යන්නේ
  මහ රුසියන් බස බොරු නොමැ  වන්නේ
  නාගරාජ ගුලි බල මෙලෙ            සින්නේ

                                      නිර්මාණය;- වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර


2 comments: