අම්ල පිත්ත රෝගය

                       අම්ල පිත්ත රෝගය




      නූතන සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම විශාල පිරිසක් අම්ල පිත්ත රෝගයට ගොදුරුව සිටිති.රෝග කාරක හේතු ගැන සලකා බලන විට මෙම රෝගය ඉබේ වැලඳෙන රෝගයක් නොව නොසැලකිල්ලෙන් සාදා ගන්නා රෝගයක් හැටියට හැඳින්වීමට පුළුවනි.
   අම්ල පිත්ත රෝගය කායික හා මානසික දුබලතා ප්‍රබල ලෙස ඇති කරන්නක් බව ආයුර්වේදය උගන්වයි.ප්‍රකෘති පිත විකෘති වීමෙන් හෙවත් දූෂණය වීමෙන් ස්වාභාවික ක්‍රියා මුළුමනින්ම වෙනස් වීමෙන් මේ රෝගී තත්වය උදා වෙයි.
   

රෝගය ඇතිවීමට හේතු

මේ රෝගයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ,

  •  කුසගින්න ඇතිවන විට හෙවත් නියමිත වේලාවට ආහාර පාන නොගෙන කොසගිනි දරාගෙන සිටීම
  •   ලුණු මිරිස් , ඇඹුල් , විනාකිරි ආදිය නිතර ආහාරයට ගැනීම
  •   ආහාර ගත් විගස නින්දට යෑම
  •  කෑම ගෙන වතුර නෑම
  •  සුරා පානය කිරීම
  •   දුම්බීම
  •  අවශ්‍ය වූ විට මල මූත්‍රා නොකර දරා සිටීම
  •  මානසික පීඩා හා සිත්තැවුල් දැරීම ආදිය
 අම්ල පිත්ත රෝගය විශේෂ සැලකිල්ල දැක්විය යුත්තකි.නො එසේ නම් පිළිකා වැනි භයානක රෝගයනට පවා හේතු වනු ඇත.

 රෝග ලක්ෂණ 

  • බඩ ගිනි අඩුවෙයි.
  • තද ඇඹුල් රස උගුරට එයි.
  • ආහාර දිරවීම අඩු වේ.
  • බඩ පුරවා දමයි.
  • එයින් අම්ලාජීර්ණ අවස්ථාවකට එළඹෙයි.
  • ආමාශයෙහි දැවීමක් බඳු තත්වයක් ඇතිවෙයි.
  • අමාශයේ ශ්‍රාවයේදී දාහ ගතියක් ඇතිවෙයි.
  • එයින් ඇස් පෙනීමේ වෙනස්කම් ඇතී වෙයි. 
  • ඇස් දැවිල්ල.
  • කරකැවිල්ල.
  • ඇඟ දැවිල්ල.
  • අරුචිය.
  • අම්ලෝද්ගාරය.
  • ආද්මානය.
  • මලපහ කිරීමේ වෙනස්කම්.
  • අධික හිසරදය.
  • සමහරුන්ට උදරයේ තදබල වේදනවක් ඇතිවේ.
    සන්ධි ස්ථානවල අත්පා අවයවයන්හි මාoශපේෂි ඉදිමේ.කැසීම ඇතිවේ.පළු මතූ වේ.
බඩවලේ සිට උගුර දක්වා තුවාල ඇතිවේ.
අනවශ්‍ය බියක් හා මානසික බලපෑමක්ද ඇති වේ.
හෘද රෝග වලටද බලපෑම් ඇති වේ.

මෙසේ කායික මනසික වශයෙන් තදබල පීඩා දෙන අම්ල පිත්ත රෝගයට ප්‍රතිකාර මීලඟ ලිපියෙන් ගෙන එන්නම්.

                                                                                       සැකසුම :- වෛද්‍ය ශිෂ්‍ය සඳරුවන් රවිහාර




0 comments: